හංසි
"හලෝ, රිදමා කොහෙද ඉන්නේ උඹ..."
" ස්ටේජ් එක පිටිපස්සෙ. ඇයි?..."
" මේන් , උඹව හම්බවෙන්න කෙල්ලො තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා. ඉක්මන්ට වරෙන් ස්ටේජ් එක ළඟට.."
"මාව හම්බවෙන්න. කවුද ? "
" ඇවිත් බලපන් යකෝ. මන් දන්නෙ නෑ කවුද කියල. මොනව වුනත් සුපිරි කෑලි තුනක් හොදේ.... හහ් හහ්...."
" හ්ම් හ්ම් මන් එන්නම්"
මන් යසිත් රවිශාන්. අවුරුදු 22ක දුප්පත් කොල්ලෙක්.කොණ්ඩෙ වවල උඩට බැඳල, රැවුලත් පොඩ්ඩක් වවල තියෙන්නෙ ආසාව නිසාමයි. සංගීතයට තියෙන කැමැත්ත නිසාම මියුසිකල් බෑන්ඩ් එකක රිදම් ගිටාර් සෙල්ලම් කරනවා. දන්නවනෙ ඉතින් රිදම් ගිටාර් කාරයෙක් කිව්වහම කොහොම කෙනෙක්ද කියල . හැබැයි වැඩිය කතාවක් බහක් නෑ. නිහඬ චරිතයක්.දැනට ඔය ඇති. මන් ගැන වැඩි විස්තර කථාවෙ ඉස්සරහට යද්දි කියන්නම්...
....... මේ කතාවේ කතා
නායිකාව සුභාෂි හංසිකා. මෙයා ගැන විස්තරත් කතාවේ ඉස්සරහට යද්දී ඔයාලට දැනගන්න
පුලුවන් වෙයි........
*************-----------------------************
එදා අපේ බෑන්ඩ් එක වෙඩින් එකක play කරල මිනිත්තු කිහිපයක පොඩි විවේකයක් ගන්න පොඩි වෙලාවකට ෂෝ එක නැවැත්තුවා. වෙනද වගේම මාත් බෑන්ඩ් එකේ සෙට් එකත් එක්ක ස්ටේජ් එක පිටිපස්සෙ පොඩි චැට් එකක් දාගෙන ඉන්නකොට මනු කෝල් කරල කිව්වා මාව හම්බ වෙන්න කවුද ඇවිත් ඉන්නව කියල. මනු කියනෙ අපේ බෑන්ඩ් එකේ බේස් ගිටාර් ප්ලේයර්. මන් මාව හම්බවෙන්න ඇවිත් ඉන්නෙ කවුද බලන්න මගේ චැට් එක නවත්තල, ස්ටේජ් එක ඉස්සරහට ගියා.
මන් ස්ටේජ් ලගට යද්දි මනුව ඉදිය කෙල්ලො තුන්දෙනෙක් එක්ක කතා කර කර.
" රිදම , මේන් උබව හම්බවෙන්න ආපු කට්ටිය. උබට කියල සින්දුවක තනුවක් හදා ගන්න ඕනි කියන්නෙ..මන් කිව්වා උබේ වැඩ නම් පොඩ්ඩක් ගණන්. විසිපහක්වත් ඔය වැඩේට ඉල්ලයි කියල....."
මනුව විහිලුවට වගේ එහෙම කියල එතනින් යන්න ගියා.
" හලෝ , මන් ඉරෝෂා, මේ මගේ හොඳම යාලුවෝ දෙන්නා. මේ සරනි, මෙයා හංසි"
" හලෝ මන් යසිත් .."
" ඔයාගෙ නම් ඔක්කොම අපි දන්නවා. බෑන්ඩ් එකේදි රිදමා, සෙට් එකත් එක්ක ඉද්දී යසී, ඇත්ත නම යසිත් රවිශාන් . අපි හරිද? හි හී .. මනු අයියා තමයි අපිට කිව්වෙ."
යකෝ මම එන ටිකට මනුවා ඔක්කොම විස්තර මුන්ට කියලනෙ.මම හිතින් මනුවට දොස් කියන්නට උණා.
"හ්ම් හ්ම්. ඔයාල මාව හම්බවෙන්න ඕනි කිව්වෙ???.."
" විශේෂ
වැඩකට"
"විශේෂ වැඩක් කිව්වෙ"
"ඔයා අර කියපු අලුත් සින්දුවට අපේ හංසිගෙ හිත ගිහින්.ඒකෙ මියුසික් කලේ ඔයා කියල මනු අයියා කිව්වා."
" ඔය කියන්නෙ අර රෝස සුරංගනාවි සිංදුව ගැනද."
" අන්න ඒක ගැන තමයි. ඒකෙ මියුසික් නම් හරිම ලස්සනයි අනේ."
" ම්ම්. තෑන්ක්ස්. ඒකෙ මියුසික් කලේ නම් මන් තමයි. ලිරික්ස් වෙන කෙනෙක්ගේ."
" අහ් එහෙමද. ඒ වචන ටිකත් හරිම ලස්සනයි. නේද හංසි. "
" හරි දැන් ඔයාලට මගෙන් මොනවද වෙන්න ඕනි."
" අපේ හංසි සිංදුවක් ලියල තියනව. ඒකත් මියුසික් කරල හදල දෙන්නකො. පුළුවන්ද ?"
" ම්ම් .... මට lyrics දෙන්න. lyrics අවුලක් නැත්නම් වැඩේ කරමු."
" අනේ තෑන්ක්ස් අයියේ. අපිට ඔයාගෙ නම්බර් එක දෙනවද. WhatsApp එවන්නම් lyrics."
" හරි එහෙනම් ටයිප් කර ගන්නකෝ. 077######## "
" හරි තෑන්ක්ස් අයියේ.
මන් එවන්නම්."
" හරි."
" අඩෝ යසී, මල් කැඩුවා ඇති. වරෙන් ෂෝ එක ගහන්න."
මනුවා බෙරිහන් දෙන්න පටන් ගත්තෙ අපේ චැට් එක ඉවරයක් වෙන පාටක් පේන්න තිබුනෙ නැති හින්ද වෙන්න ඇති.
කොහොම හරි ඒ කෙල්ලො
තුන්දෙනාට සමු දීලා මන් ස්ටේජ් එකට නැග්ගෙ ෂෝ එකේ ඉතිරි ටික සෙල්ලම් කරන්න.
***************---------------*************
**************************************
කොහොම හරි දවස් තුනකට
විතර පස්සෙ හවස 7.20ට වගේ, මගේ ෆෝන් එකට වට්ඇප් මැසේජ් එකක් ආවා.
" hi"
" kauda me 🤔🤔"
" man ara eda wedding ekedi katha kale.irosha"
" ara sinduwaka music karanna katha karpu kenada "
"Anna hari eya thama."
" ko lyrics . Ewwe nane
" ah menna ewwa"
" ah , hari man kiyawala balala masege ekak
dannam."
" hari bye bs"
" ok bye"
මට එවපු lyrics
ටික මන් නිවාඩු පාඩුවේ කියවන්න ගත්තා.
අප්පටසිරි ඒ වචන ටිකනම් ෆ්ට්ට. සුපිරියටම ලියල තිබුණා. මන් හිතාගත්ත මේකට මියුසික් කරනව කියල
*************************;*************
ඔහොම සතියක් විතර
ගෙවිල ගියා. ඒ වෙනකොට අර සිංදුවේ තනුව නිර්මාණය කරල ඉවරයි.මන් ආයේ ඉරෝෂා කියන
කෙල්ලට මැසේජ් එකක් දැම්මා.
" hallo, ara song eke notation nam hadala iwarai."
පැය කිහිපයකට පසු
" ehemada. Man hansita kiyannam aiye."
"Hm. Voice karanne kauda kiyala ahanna eyagenma."
"Ha "
**************************************
ඔහොම දවස් කිහිපයක්
ගෙවිල ගියා. එක දවසක හවස් වරුවෙ 5.45 මගෙ ෆෝන් එකට
කෝල් එකක් අවා. ඒ ඉරෝෂාගෙන්.
" හැලෝ"
" හලෝ ,හලෝ අයියෙ මන් ඉරෝෂා කතා කරන්නේ. "
" අහ්, කියන්න නංගී"
" අයියේ හෙට ඔයාට හොරණට
එන්න පුළුවන්ද.? අර සිංදුව ගැන කතා කර
ගන්න. මගේ යාළුවට ෆෝන් එකක් නෑ. ඒක නිසා ඔයත් එක්ක කතාකරන්න විදිහක් නෑනෙ එයාට. මට
එයාව හම්බවෙන්නෙත් අඩුවෙන්. එයා හෙට හොරණ එනවා . ඔයාටත් හෙට හොරණට එන්න පුළුවන්නම්
ලොකු දෙයක් අයියේ"
'මේ මොන මඟුලක්ද යකෝ
මේ. මුන්ට නිකන් සිංදුත් හදල , මුන් කියන
කියන වෙලාවල් වලට මුන්ව හම්බවෙන්නත් යන්න ඕනිද.? කමක් නෑ . හෙට කොහොමත් හොරණ යන්නනෙ හිටියෙ.මගෙ වැඩ ටික
කරගන්න. එහෙම්ම ම හම්බවෙලා එනවා මුන්වත්.'
" හරි නංගි මන් එන්නම්. කීයටද , කොහාටද එන්න ඕනි මන්. "
" දවල් 2ට විතර හොරණ බස් ස්ටෑන්ඩ් එකට එන්න එහෙනම්."
" හරි. මන් එන්නම්"
" හරි අයියෙ මන් එහෙනම්
තියන්නම් . bye"
" bye"
ඔහොම එදා දවස ගෙවිල
ගිහින් පහුවද දවසත් උදා වුනා.
'පණ්ඩිතය වගේ එන්නම්
කිව්වට දැන් කොහොමද යන්නෙ.පාරෙ බස් එකේ
ගිහින් එනවා. මොකෝ අර පරණ බයිසිකලේ ගිහින් චාටර් වෙන්නත් බෑනෙ. '
කොහොමහරි එදා හවස 2 වෙද්දි මම හොරණ බස් ස්ටෑන්ඩ් එකට ගියා . හුඟ කලෙකින් ටවුන් එකට ආපු නිසා ටවුන් එක
වටේ පොඩි වටයක් දැම්මේ අරුන් ටික තාමත්
නැති නිසා. ඉස්සර ඉස්කෝලේ කාලේ නම් මේ ටවුන් එකේ හැමදාම හවසට පොඩි වටයක් දාලා තමයි
ඉතිං ගෙදර යන්නේ. දැන් ඒ හැමදේම වෙනස් වෙලා.ඉස්සර තිබුණ ටවුම නෙමෙයි දැන්
තියෙන්නෙ. හැමදේම වෙනස් වෙලා.
ටවුමෙ සිරි නරඹමින් , මගේ වැඩ ටිකත් කරගෙන මන් ආයෙත් ටවුන් එකේ බස් ස්ටෑන්ඩ්
එකට එනකොට මගේ ෆෝන් එක රින්ග් වුණා.මන් කලබලයක් නැතුවම ෆෝන් එක ආන්සර් කලා.
" හැලෝ, ඔයා කොහෙද
ඉන්නෙ අයියේ . අපිනම් ටවුන් එකට ඇවිත් ඉන්නෙ."
" විනාඩියක් දෙන්න. මන් එනගමන් ඉන්නෙ. "
"හරි හරි. ඉක්මන්ට එන්න. "
" හ්ම්"
මන් අර කෙල්ලො කියපු තැනට යද්දි උන් එතනට ඇවිත්
හිටියා.
" දැන්ද ආවේ ඔයාලා"
මන් එහෙම ඇහුවෙ වුන්
මොකෝ කියන්නෙ බලන්න.
" ටිකක් වෙලා."
එදා හිටපු කෙල්ලො
තුන්දෙනාගෙන් අද ඇවිත් හිටියෙ කෙල්ලො දෙන්නෙක් විතරයි. ඒ ඉරෝෂයි එයාගෙ යාලුවා සරනි
විතරයි.
'කෝ යකෝ සින්දුවේ
අයිතිකාරයා. ඒකි නැතුව මොන ලබ්බක් කතා කරන්නද.? "
මන් හිතෙන් මුන් ටිකට දොස් තියන්නට වුණා.
" කෝ සින්දුවේ
අයිතිකාරයා."
" අනේ සොරි අයියේ. මන්
ඔයාට එන්න කිව්වෙ සින්දුව ගැන කතා කරන්න නෙමෙයි."
" එහෙනම් ඇයි මට එන්න කිව්වෙ."
" විශේෂ දෙයක්
කියන්න."
" ඒ මොකක්ද"
" අපි අර එහා පැත්තේ
තියෙන බන්කුවකින් ඉඳගෙන කතා කරමුද?"
" හරි යන්කො"
" ම්ම්, දැන් කියන්න ඉතින්"
" මේකයි අයියේ මේක අහල
තරහ ගන්න නම් එපා. මේක අපි ඔයාට කියන්නෙ අපේ හංසි වෙනුවෙන් . අපිට එයා වෙනුවෙන්
කරන්න පුළුවන් හැමදේම අපි කරනවා ."
" හරි ඉතින් වැල්වටාරම්
නැතුව කෙලින්ම කියන්නකො කාරණාව."
" එදා වෙඩින් එක වෙලාවෙ
අපි ඔයාව හම්බවෙන්න ආවේ ඔයාට කියල සින්දුවක් හදාගන්න හිතාගෙන නෙමෙයි."
" මොකක්. එතකොට ඔයාල මාව
බයිට් එකට අරගන්නද එහෙම කලේ."
මට ආපු කේන්තිය නිසාම
කියල දැම්මා.
" අනේ නෑ අයියේ.
එදා හංසි ඔයා සිංදු කියනව දැකල ඔයා ගැන
අපිත් එක්ක කිය කිය වර්ණනා කලා. ඒ වෙලාවෙ එයා කිව්වා ඔයත් එක්ක කතා කරන්න තිබ්බනම්
කියලා. ඒත් එයාට ඔයත් එක්ක කතා කරන්න මඟක් හදා ගන්න විදිහක් තිබුනෙ නෑ. ඒ වෙලාවෙ
මායි, සරනි තමයි එයාව
එක්කගෙන ඔයාව හම්බවෙන්න ආවේ. ඒ වෙලාවෙ ඔයාලගෙ බෑන්ඩ් එකේ මනු අයියාගෙන් ඔයා ගැන
විස්තර ටිකක් දැන ගත්තා. එයා තමයි කිව්වෙ ඔයා කියපු සින්දුවට මෙලඩි එක හැදුවෙත්
ඔයාමයි කියලා. ඒ වෙලාවෙ තමයි ඔයත් එක්ක කතා කරන්න මඟක් පෑදුනේ අපිට."
" එතකොට අර මට එවපු lyrics???"
" ඒවා ලිව්වෙ අපේ හංසිම
තමයි. ඒත් එදා වෙඩින් එකේදි ඔයත් එක්ක කතා කරද්දි ඒ සිංදුව ලියල තිබුණේ නෑ. එදා
වෙඩින් එකෙන් පස්සෙ තමයි ඔයා වෙනුවෙන්ම ඒ සිංදුව ලියලා දුන්නේ."
" ඉතිං මොනවද එයා මේ දේ කරල බලාපොරොත්තු වෙන්නෙ.?? මාව ආතල් එකට ගන්න එකද? ආහ්.."
" අනේ නෑ අයියේ. ඒ
අහිංසකී එහෙම කෙනෙක් නෙමෙයි. එයා හදවත් රෝගියෙක් අයියේ."
" එයා ලෙඩෙක් කියල අපිව
ආතල් එකට අරන් හරියනවනෙ. එයාට මාත් එක්ක කතා කරන්න ඕනි නම් කෙලින් ඇවිත් කතා කරන්න
තිබුනා. ඔයාලත් එතන හිටියනෙ . ඔයාලට තිබුනා කියන්න . ඇයි කෙල්ලො මෙහෙම ...."
මන් ඉරෝෂටයි, සරනිටයි බැනගෙන ගියේ මගේ හිතට ආපු ආවේගයට. මට පස්සෙ තමයි
මතක් වුනේ අපි ඉන්නේ ටවුන් එකේ කියල.
" අනේ අයියේ කියන දේ පොඩ්ඩක් තරහ ගන්නෙ නැතුව
අහන්නකො."
" හරි කියනවලකො ඉතුරු
ටිකත් ඉතිං"
" ඇත්තම කතාව එයා ඔයාට
හිතෙන් ආදරේ කරනවා අයියේ. එයා ඔයාව දැක්කෙ එදා වෙඩින් එක දවසෙ විතරයි.
ඒත් එයාට ඔයා ගැන ලොකු
කැමැත්තක් එදා ඇති වෙලා තිබුණා. ඒත් ඒක එයාට ඔයාට කියාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.
අදටත් එහෙමයි. අනික එයාගේ crush එක තමයි ඔයා.ඔයාව ආයේපාරක් දකින්න ආසයි කියල අද එයාව
බලන්න අපි හොස්පිටල් එකට ගියවෙලාවෙ එයා අපිත් එක්ක කිව්වා.
පුලුවන්නම්
හොස්පිටල් එකට ඇවිත් බලල යන්න අයියේ. ඒක
එයාට ලොකු සතුටක් වෙයි.
අනිත් එක තමයි එයාගෙ ජීවිතේ ගැන අපිට මහලොකු
කාලයක් විස්වාස තියාගන්න බෑ කියල ඩොක්ටර්ස්ලත් ඊයෙ එයාලගෙ අම්මලට කියල තිබුණා.
ඒක නිසා එයාව පුලුවන්
තරම් සතුටින් තියන්න තමයි එයාලගෙ අම්මලා උත්සහ කරන්නෙ. පුලුවන්නම් එයා වෙනුවෙන් ඒ
දේ විතරක් කරන්න."
ඉරෝෂා මේ දේ කියල ඉවර
කරනවත් එක්ක ඉරෝෂගෙ යාලුව වෙච්ච සරනි කතාව පටන් ගත්තා..
" ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ්
කෙනෙක් ඇති, නැත්නම් ඔයා බැඳපු හස්බන්ඩ්
කෙනෙක් වෙන්න ඇති. ඒත් පුලුවන්නම් අපේ හංසි ඔයාගෙ ෆෑන් කෙනෙක් කියල හිතලවත් එයාව
බලල යන්න.ප්ලීස්..."
ඒ කෙල්ලො දෙන්නම
අන්තිම වචන ටික කියල දැම්මෙ හරිම දුකෙන් කියල මට උන් දෙන්නගෙ මුහුණු දැක්කම තේරුම්
ගන්න මහලොකු වෙලාවක් ගියේ නෑ.ටිකක් සංවේදී කොල්ලෙක් වෙච්ච මන් ඒ කතාවෙ අන්තිම ටික
මගේ කනට වැටුනට පස්සෙ මගේ හිතත් මටත්
නොදැනිම දුකෙන් පිරෙන්න ගත්තා.ටික වෙලාවක් ඉරෝෂල දිහා බලන් හිටපු මම නැවත කතාවට
මුල පිරුවා.
" හරි මන් එයාව ගිහින්
බලන්නම් හැබැයි ෆෑන් කෙනෙක් විදිහට."
" අනේ ලොකු උදවුවක් අයියෙ"
කොහොමින් හරි මන් හංසි
ඉන්න රෝහල් වාට්ටුවත් අහගෙන ගෙදර ආවා.
ගෙදර ඇවිත් කල්පනා කලේ
ඒ ලෙඩ කෙල්ලව බලන්න ඉස්පිරිතාලෙට යනවද නැද්ද කියල.
කොහොම හරි මගේ හිතේ
ඉරෝෂා සහ සරනි , හංසි ගැන පැල කරපු
අනුකම්පාව පරද්දන්න මට පුළුවන් වුනේ නෑ.
අවසානයේදී මන් ඊට පසුදා දහවල් ලෙඩ්ඩු බලන වෙලාවට හොරණ මූලික රෝහලට ගියේ ඒ
හදවත් රෝගී ලෙඩාව බලන්න අතේ තිබුණු ගානට හරියන්න පලතුරු ටිකකුත් රෝහල අසල පෙට්ටි කඩයකින් මුදලට අරගෙන.
මන් හංසි ඉන්න
වාට්ටුවට ඇතුල්වෙනකොට එතන තවත් ගැහැණු කෙනෙක් අර ලෙඩ කෙල්ලට බත් කව කවා හිටියා.
ඇය හංසිව හුරතල් කරමින් බත් කැවූ ආකාරයට ඇය
හංසිගේ මව බව මට ඈත තියාම තේරුම් ගියා.
මන් ළඟට යනකම්ම මා
නොදුටු හංසි තිගැස්සී මොහොතක් මා දෙස බලා හිදින්නට වුණා.
" දැන් කොහොමද ඔයාට. මේ හන්සිගෙ අම්ම වෙන්න ඇති"
" අනේ ඔව් පුතේ මන්
හංසිගෙ අම්මා."
හංසිට බත් කවමින් සිටි
ගැහැණිය මා දෙසට හැරී එසේ පවසන්නට වුණා.
" මේ පුතා හංසිගෙ ඉස්කෝලෙ යාලුවෙක්ද? "
හංසිගේ මව ඇසූ ප්‍රශ්නයට
මා පිළිතුරු දීමට පෙර හංසි ඉස්සර වුණා.
" නෑ අම්මා, මේ අයියා තමයි එදා මන් කිව්වේ."
" අර සිංදු කියනව කියපු
ලමයද දෝණි "
" ඔව් අම්මා , ඒ අයියා තමයි."
' යකෝ මේ කෙල්ල මන් ගැන
ගෙදරටත් කියලනෙ.පුදුම කෙල්ලෙක්නෙ යකො මේකි. ' මගේ හිත නැවතත් මුමුණන්නට වුණා.
" ඉරෝෂා දුවලගෙ අක්කගෙ
මඟුල් ගෙදර ගිහින් ආපු දවසෙ මේ කෙල්ල පුතා ගැන මට කිව්වා."
" අහ් , එහෙනම් මන් අම්මලට මාව අදුන්වල දෙන්න මහන්සි වෙන්න දෙයක්
නෑ."
මට හංසි ගැන මුලින් අනුකම්පාවක් විතරක් තිබ්බත්,එයාගෙ අම්මගෙ කතාවෙන් පස්සෙ මට හංසි ගැන පැහැදීමක් ඇති
වුණා.
කොහොමහරි මන් සතියට
දවස් දෙකක් තුනක් හංසිව බලන්න ඉස්පිරිතාලෙට ගියා. ඒ වෙනකොට හංසි ගැන මගේ හිතේ
තිබුණ අනුකම්පාව වෙනත් පැත්තකට හැරෙන්නට වුණා.මන් එයාව බලන්න ගිය හැමදාකම එයාගෙ
මුහුණෙ හිනාවක් රැඳිල තිබුණා. ඒ හිනාව මගේ හිතේ හැමතිස්සෙම මැවී පෙනෙන්නට පටන්
ගත්තා.කොහොමින් කොහොම හරි මට ඒ ලෙඩ කෙල්ලගෙ ඒ හිනාව නොබලා ඉන්න බැරි තත්ත්වෙටම මාව ඒ කෙල්ල පත්කරල
තිබුණෙ. අන්තිමට මටත් නොදැනිම මගේ හිත ඒ ලෙඩ කෙල්ලට ආදරේ කරන්න පටන් ගත්තා.
**********************
" අයියෙ මන් දෙයක්
අහන්නද ඔයාගෙන්?."
හංසි එහෙම ඇහුවෙ මන් එයාව බලන්න හොස්පිටල් එකට
ගිය වෙලාවක
" ඉතිං අහන්න."
" ඇයි ඔයා මාව බලන්න
හොස්පිටල් එකට එන්නෙ.?"
" ඉතිං ලමයො ඔයා
හොස්පිටල් එකේ ඉන්න නිසානෙ ඔයාව බලන්න මන්
හොස්පිටල් එකට එන්නේ.."
" ඒක නෙමෙයි අයියෝ මන්
ඇහුවේ. ඇයි මාව බලන්න එන්නෙ කියලා. මන් ඔයාගෙ කවුද? "
ඒ ලෙඩ කෙල්ල එවලෙ අහපු
ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට පුළුවනකමක්
තිබුනෙ නෑ.
" ඔයා මගෙ යාළුවෙක්නෙ
ඉතින්. අනික ඔයාගෙ යාළුවෝ කිව්වා ඔයා මගෙ ෆෑන් කෙනෙක් කියල. "
" ම්ම්. මන් ඔයාට
කරදරයක් නෙද අයියේ."
" අනේ එහෙම නෑ."
එතකොටම හංසිගෙ අම්මා එතනට ආවා.
" මොකෝ පුතේ අපේ දෝණි
කියන්නෙ"
" මන් එන එක එයාට
කරදරයක් කියන්නෙ."
"අනේ බොරු කියන්න එපා
අයියේ. මන් එහෙම දෙයක් කිව්වෙ නෑනි."
මම හංසිව බලන්න
හොස්පිටල් එකට එන එකට හංසිටවත් , හංසිගෙ
අම්මටවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. හංසිගෙ අම්මට වුවමනා වුනේ තමන්ගෙ දෝණිව සතුටින්
තියන්න විතරයි.
ඔය වෙනකොටත් මන් හංසිගෙ පවුලෙ විස්තරවත්,
හංසි මගේ පවුලෙ විස්තරවත් දැනගෙන හිටියෙ
නෑ. මේ වෙනකොට මගේ හිතට තිබුණු එක ප්‍රශ්නයක්
තමයි හංසිගෙ තාත්තා. මන් හංසිව බලන්න
හොස්පිටල් යන්න පටන් අරන් සති දෙකක පමණ කාලයක් ගෙවුනත් හංසිගෙ තාත්තා මට හම්බ වෙලා තිබුනෙ නෑ. මට ඒ ගැන හංසිගෙන් අහන්න
හිතුනත් ඒක මේ ලෙඩ කෙල්ලගෙ මුහුනෙ හිනාවට ප්‍රශ්නයක් වෙයි කියල හිතුන නිසා ඒ සිතුවිල්ල මගේ හිතෙන් මන් අමාරුවෙන් අයින්
කරගත්තා.
**********************
සති කිහිපයකට පස්සෙ
හංසිට ගෙදර එක්කන් යන්න රෝහලේ දොස්තරවරු
හංසිගෙ අම්මට අවසර දීල තිබුණා. ඒත් හංසිගෙ රිපෝට්වල නම් ඒ හැටි ගුණයක් තිබුණෙ නෑ .
හංසිගෙ ටිකට් කපපු
දවසෙත් මන් හංසිව බලන්න හොස්පිටල් එකට ගියා.
" අද මට ගෙදර යන්න
පුළුවන් කිව්ව අයියේ"
" අහ්. හොඳයිනෙ
ඉතින්."
" ඒත්....."
හංසි බිම බලාගත්තෙ
කනස්සල්ලෙන්
" ඇයි ඉතින් මේ . ගෙදර යන්න පුළුවන් කිව්වම ඔයාට සතුටු
නැද්ද."
"
සතුටුයි ඒත් ඔයාව ආයෙ
හම්බවෙන්නෙ නෑනෙ. ඒකට දුකයි"
" ම්ම්. ඒ උනාට ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑනේ නංගී"
" හ්ම් ... මන් දන්නවා. මට හැමදාම මෙහෙම ඉන්න බෑ ඉක්මනටම
මේ ඔක්කොම දාල යන්න ඕනි කියලා."
හංසි කිව්වෙ දිග
හුස්මක් පිට කරමින් බිම බලාගෙන.
මන් හංසිගෙ කණ
මිරිකුවේ ඒ කියපු අවකැපෙන කතාවට දඬුවමක් ලබා දෙන්න හිතාගෙන
" මෝඩියේ මොනවද මේ
කියවන්නෙ."
" ඌයි, .... රිදුනා මට"
"රිදෙන්න තමා
මිරිකුවේ"
හංසි ඒ වෙලාවෙ මගෙ
දිහා බලපු බැල්මට මට මගේ හිත උණුවෙලා ගියා
.
"හරි හරි එහෙනම් ගෙදර
යන්න ලෑස්ති වෙන්න පණ්ඩිතකම් නැතුව."
මන් හංසිගෙන් නික්මිලා
මන් ආවෙ දොස්තර හම්බවෙන්න ආපු හංසිගෙ අම්මව හම්බවෙන්න .
" මොකද අම්මෙ ඩොක්ටර්
කියන්නෙ"
" දෝණිව ගෙදර එක්කගෙන
ගිහින් සතුටින් තියන්නලු. මේ ලෙඩේ හොඳ කරන්න තියෙන එකම විසඳුම හඳවත් බද්ධයක් කරන
එකලු පුතේ.. හංසිට ගැළපෙන හදවතක් හම්බ උනාම දන්වන්නම් කිව්වා මේ මහට්වරු
"
හංසිගෙ අම්මගෙ ඇස්වල කඳුලු. මගෙ හිත මටම
ඉහිලුම් නැති වුණා. මගෙ ඇසුත් කඳුලින් තෙත් වෙන්න පටන් ගත්තෙ මටත් නොදැනිම
" දැන් ඉතින් වෙන කරන්න
දෙයක් නෑනෙ අම්මෙ. අපි හංසිව සනීප කරගන්න පුළුවන් හැමදේම කරමු. මන් මට පුළුවන්
විදිහට උදව් කරන්නම්. "
" අනේ පුතේ,... පුතාට බුදු බව අත්වෙයි. මගෙ කෙල්ලව බේර ගන්න උදව් කරන්න.
හංසිගෙ තාත්තා නැතිවෙච්චි දවසෙ ඉඳල මන් හංසිව බලාගත්තෙ ඇහැක් වගේ. ඒත් හංසි
ලොකුවෙන්න ලොකුවෙන්න එයාගේ ලෙඩෙත් වැඩිවෙන්න ගත්තා. ඒකෙන් දවසින් දවස එයාගෙ
බෙහෙත්වලට යන ගානත් වැඩි උනා. දැන් මට ඒක උහුල ගන්න අමාරුයි පුතේ."
හංසිගෙ අම්මා තමන්ගෙ දුක ඒ විදිහට දිය කරද්
දී මට තවත් එයාව දුකට පත්කරන්න උවමනාවක් තිබුනෙ නෑ
මන් හංසිගෙ අම්මගෙන් සමු අරන් ,කෙලින්ම ගියේ හංසිගෙ වාට්ටුව භාරව ඉන්න ඩොක්ටර්ව
හම්බවෙන්න
" excuse me
docter, අර 7 වාට්ටුවේ 3 ඇඳේ ඉන්න
ගෑනු ලමයගෙ තත්ත්වෙ කොහොමද ඩොක්ටර්
" ඒ ලමයගෙ තත්ත්වෙ නම්
ටිකක් බරපතලයි. අපි ඉක්මනට එයාට ගැළපෙන hart එකක් හොයා ගන්න ඕනි. එයාට ඉක්මනටම හදවතක් බද්ධ කලේ
නැත්නම් එයාගෙ ජීවිතේ ගැන විස්වාසයක් තියා ගන්න අමාරුයි අපිට"
" ඔය oparation එකට කීයක් විතර යනවද ඩොක්ටර්"
" සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් වගේ යයි මේ oparation එකට"
මා වාට්ටුව භාර දොස්තර
හමු වී කෙලින්ම හංසි සිටි වාට්ටුව කරා ගියේය. මා එහි යන විටත් හංසිත් ඇගේ මවත්
ගෙදර යාමට සූදානමින් සිටියහ.
" කොහොමද දැන් ඔයාල ගෙදර යන්නෙ අම්මෙ.?"
" පාරෙ බස් එකේ නැගල යනව
දරුවො. "
" ඒත් හංසිවත් එක්කගෙන
බස් එහෙක යතහැකිද අම්මා."
"කමක් නෑ අයියෙ මට ඒ
හැටි අමාරුවක් නෑ. මාත් ආසයි පාරෙ බස් එකේ යන්න."
හංසි එසේ පැවසූයේ තම
මවගේ ආර්ථික මට්ටම තමන් හොඳින් දන්නා නිසා විය යුතුය.
" හ්ම් .. ඒකට කමක් නෑ
අද ත්‍රීවීල් එකක යන්න.යන් මන් ඇරලවන්නම්"
මම හංසිගේ ඇඳුම් බෑගයත් ගෙන ඉස්සර වුනෙමි.
රෝහල ඉදිරිපිට පිහිටි
ත්‍රීරෝද රථගාල කරා ගමන් ගත් මා ත්‍රීරෝද රථයක් කතා කර,හංසිත් ඇගේ මවත් එම ත්‍රීරෝද රථයේ නංවා, එහි රියදුරුට මුදල් දී ඔවුන් නිවසට ඇරලවන ලෙසට ඉල්ලා
සිටියේ අසනීප තත්ත්වයේ සිටි හංසිව බස්
රථයක යැවීමට මට හිත නොදුන් නිසාය.
************************************
මෙසේ සතියක පමණ කාලයක්
නිසොල්මනේ ගෙවී ගියේය. හංසිගේ රූපයත්, ඇගේ පණ්ඩිත
වචනත්, ඇගේ හුරතල් සිහහවත්
දිනෙන් දින මගේ හදවත චංචල කරන්නට වූයේ ය.
එක්වරම හංසිගේ
මිතුරියක වූ ඉරෝෂාව මා හට සිහි වූයේ ය.හංසිව මුනගැසීමට මඟක් ඇයගෙන් ලබා ගත
හැකියැයි මා හට හැගී ගියේ එවිටය.
මම දුරකථනය ගෙන ඉරෝෂා
ඇමතූවෙමි.
" හලෝ, මේ ඉරෝෂා නේද"
" අහ් ඔව් අයියෙ
කියන්න."
" මන් ඔයාලගෙ ඉල්ලීම
ඔන්න ඉෂ්ට කලා"
" අනේ තෑන්ක්ස් අයියේ.
මට හංසි විස්තර කිව්වා. ඒ කෙල්ල හරිම සතුටින් ඉදියෙ ගිය දවස් ටිකේ."
" එහෙමද. දැන් මට ඔයාලට
උදව්වක් කරන්න පුළුවන්ද?"
"ඒ මොකක්ද "
" මට හංසිගෙ ගෙදර ඇඩ්‍රස්
එක දෙන්න පුළුවන්ද?"
" හරි මන්
දෙන්නම්."
"තෑන්ක්ස් නංගි"
" හරිහරි එහෙනම් මන්
තියනවා. බුදු සරණයි."
" හරි බුදුසරණයි"
කොහොමින් හරි මට
හංසිගෙ ගෙදර ඇඩ්‍රස් එක ලැබුණි. මා එම ඇඩ්‍රස් එකට අනුව හංසිගේ නිවසට යාමට පිටත් වූයේ මා හට
ලිපිනය ලැබී සතියකට පමණ පසුවය. මා සතුව තිබූ හොඳම ටී ෂර්ටය හා ඩෙනිම් කලිසම ද හැඳ
හංසිව බැලීමට මම පිටත් වුනෙමි.
හංසිගේ නිවස පිහිටි ප්‍රදේශයට
ගොස් එහි වැසියෙකුට මා සතුව තිබූ හංසිගේ නිවසෙහි ලිපිනය පෙන්වූයේ ඇයගේ නිවස කොහේ දැයි සැක හැර දැන ගැනීමටයි.
" මේ අර කුසුමලාගෙ ගෙදර
ඇඩ්‍රස් එකනෙ . අද නම් එහෙට යන්න ඇඩ්‍රස්
බලන්න දෙයක් නෑ මහත්තයො. ඔය සුදු කොඩි දාල තියෙන පාර දිගේම යන්න. ඔය සුදු කොඩි දාල
තියෙන්නෙ ඒ ගෙදරට යන පාරට"
" මොකක්, කවුද මාමේ එහෙ නැති වුනේ."
" කුසුමගෙ එකම කෙල්ල.
ඒකිට හදවත් රෝගයක් තිබුණා . "
" මොනවා, මේ හංසිද නැති වුණේ."
"ඔව් මහත්තයෝ හංසි
කෙල්ල තමයි. දැන් දවස් 2ක් විතර වෙනව
ඒ කෙලී නැති වෙලා . ඊයෙ අවසන් කටයුතු තිබුනෙ මහත්තයො."
මගෙ පපුව මතට මහමෙර
කඩන් වැටුනා හා සමාන වේදනාවක් දැනෙන්නට විය.
මටත් නොදැනිම මගේ ඇස්
කදුලින් බර විය. මට කිසිවක් කරකියා ගැනීමට
නොහැකි තත්ත්වයට මා පත් විය.
අවසානයේ මා ඇය හමු වීමට පෙර ඇය මරුවා හමු වීමට
ගොසිණි.....
😢😢😢😢
කතාව ගැන මොකද
හිතෙන්නෙ කියල පහලින් කමෙන්ට් කරන්න ....
තවත් මෙවෙනි කතා බලන්න
අපිව ලයික් කරන්න ...
c මුල් අයිතිය කතෲ සතුයි . අප වෙත ලබා දුන් කතාවකි. උපුටා
ගැනීම හා එය නම් වෙනස් කර හෝ පල කිරීම සිදු නොකරන්න .
0 Comments