රිප්ලයි එනකම් - පොඩ්ඩියේ

 රිප්ලයි එනකම්... 


පාලුයි නොදැනෙන  විට ඔය පොඩි හිනාව

පොඩියට දැනෙනවා තාමත් විඩාව

ඉන්නම බැරි තැනම පණිවිඩ එව්වාම

එවපන් පොඩ්ඩියේ ඉමොජියෙ හිනාව


මහ ලොකු කමක් ඇත්දැයි උබ සිතන විට

ගෙතුවා පද දෙකක් මේ විදිහට දිගට

දැකලත් නොදැක්කා වාගේ යන නුඹට

මේකත් ඇති ඉතින් රිප්ලයි කරනවට


පද පෙල දික් උනොත් නොකියයි දනී  මම 

කොල්ලොත් අසයි ඇයි බූටක් කෑවෙ උඹ

බූටක් නෙවෙයි මේ පොඩි පද පෙලක් බොල

බූටක් කන්න කෙල්ලෙක් නෑ තාම මට


●පන්හිඳ නුහුරු කලාකරු

kasun isuru  




Post a Comment

0 Comments